අතරමැදියන්ගේ පදේට නටන වෙළෙන්දුන්ට ඇමතිගෙන් රතු එළියක්. - ගොවීන්ට සහනයක්.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Wayomi Jul 13, 2023 07:27 AM GMT
Report

ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන එන එළවළු හා පළතුරු මිල දී නොගන්නා ආර්ථික මධ්‍යස්ථාන වල වෙළෙන්දන්ගේ බදු බලපත්‍ර අහෝසි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, අතරමැදියන් නොමැතිව ගොවීන් විසින්ම තම එළවළු හා පළතුරු ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේ දී එහි අලෙවි සැල් අයිතිකරුවන් එම නිෂ්පාදන ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලැබුණු පැමිණිලි පදනම් කරගෙනයි.

එලෙස පැමිණිලි ලැබී ඇත්තේ ,අතරමැදියන් පිරිසක් ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද සූරා කෑමේ වැඩ පිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන බවටයි.

ඒ, අනුව මෙම තත්ත්වය වලක්වා ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගොවීන්ට කිසිදු අතරමැදියකුගේ සහයෝගය නැතිව තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අලෙවි කිරීම සඳහා අවස්ථාව කඩිනමින් සලසන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.