රෝගීයා සම්පූර්ණ නිර්වින්දනයකින් තොරව මෙරට තුළ ප්‍රථම වතාවට සිදුකළ විශ්මිත සැත්කම - (VIDEO)

Badulla Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 11, 2024 09:20 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද (11) කොඳු ඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව වාර්තා වුණි.

එනම්, වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ වසර ගණනාවක් කොඳුඇට පෙළේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පීඩා විඳි කාන්තාවකි. සිය රෝගී තත්ත්වයට කොතෙක් ප්‍රතිකාර ලබාගත්තද ඇයට ඒ කිසිවකින් සුවයක් ලැබී තිබුණේ නැත.

බදුල්ල ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා විසින්, මෙම කාන්තාවගේ රෝගී තත්ත්වය නිෂ්චිතව හඳුනාගත් ඇයට සැත්කමක් සිදුකළයුතු බවට නිර්දේශකර තිබුණි.

එම සැත්කම මීට පෙර මෙරට තුළ සිදුකර නොතිබූ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් වීමත් විශේෂත්වයකි. එන්ඩොස්කොපි ක්‍රමය යටතේ සුශුම්නාව තුළ සිදුකළ මෙම සැත්කම සුවිශේෂී වන්නේ රෝගියා ශෛල්‍යකර්මයකට භාජනයකළ හැකි වයසක පසු නොවීම සහ සැත්කම සම්පූර්ණයෙන්ම රෝගියා නිර්වින්දනය කිරීමකින් තොරව සිදු කිරීම නිසාය.

ශෛල්‍යකර්මයෙන් පසු රෝගියා මේ වනවිට පූර්ණ සුවය ලබමින් සිටින බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසීය.


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%