දුර්ලභ වර්ගයේ මත්ද්‍රවයක් මෙරටට ගෙනා වේටර්වරයෙක් මාට්ටු.

Sri Lanka Police
By Wayomi දින 4 කට පෙර

පෙරේදා (14) රාත්‍රීයේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෙන්ඩි නැමැති දුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ වේටර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවකදීයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ එම් ඩි එම් ඒ නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගනු ලැබුවා.

මෙම මෙන්ඩි මත්ද්‍රව්‍ය ඩාන්සින් පෙති නිෂ්පාදනයට යොදාගන්නා විශේෂිත මත්ද්‍රව්‍යයක් වන අතර මෙන්ඩි මත්ද්‍රව්‍ය දියර වශයෙන් පානය කළ හැකි බවත් ඊට අමතරව ශරීරයට එන්නත් කරගැනීමට හැකි බවත් පොලිසිය සඳහන් කළා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, රාත්‍රී සමාජ ශාලාවල මෙම මත්ද්‍රව්‍ය සඳහා විශේෂිත ඉල්ලුමක් පවතින අතර ඒ හේතුවෙන් ග්‍රෑම් එකක් රුපියල් 2000ක පමණ මුදලකට අලෙවි වන බවයි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර මෙතැනින්