උඩු ගුවනේ දී ගුවන් යානයක් භයානක අනතුරට ලක් වෙලා - එහි තත්ත්වය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)
දෝහා සිට ඩබ්ලින් දක්වා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් සිටිය දී අනතුරකට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වාතයේ ඇති වූ අස්ථායී චලනයක් හේතුවෙන් ය.
එහිදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ තුවාල ලබා ඇති ඩබ්ලින් ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කර තිබෙනවා.
ඒ අතර මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු පමණ සිටින බව වාර්තා විය.
කෙසේ වෙතත්, අනතුරට ලක් වූ බෝයිං බී 787-9 ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවා ඇති බව සඳහන් වේ.
එමෙන්ම තුවාල ලැබූ පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වීය.
මේ අතර, පසුගිය (21) වෙනිදා, ගුවනේ දී ලන්ඩන්-සිංගප්පූරු ගුවන් යානයක් කැළඹීමකට ලක්ව ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම සිදු වීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබීය.
රොයිටර් බෝයිං 777 නම් එම යානය ආරක්ෂිතව බැංකොක් වෙත ගොඩ බස්වා ඇති අතර ලන්ඩනයේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වේ.
මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත්තේ එරට වේලාවෙන් 15:45 ට පමණ වේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,