සැප දෙන්න ගිය සුරූපී තරුණියන් 05කට සිදුවූ දේ..ප්‍රදේශ රැසක කතුන්..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Colombo
By Aruna
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ කළමණාකරණයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් 05 දෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අත්‌අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 18 ත් 42 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් බවයි පැවසෙන්නේ.
ඔවුන් පිලියන්දල, කෙසෙල්වත්ත, මිද්දෙනිය, කුරුණෑගල, රත්මලාන හා බුත්තල ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
මොවුන්, අද දින (24) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.