පාසලක බුද්ධ ධර්මය වෙනුවට බලෙන් අන්‍ය්‍යාගමික ප්‍රශ්නපත්‍රයක් දීලා සිදු වූ දේ.
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරිය බලහත්කාරයෙන් සිසුන් පිරිසකට අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමේ පුවතක් වාර්තා වෙනවා.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද( 08 )විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ,ඊට එරෙහිව වහාම පරීක්‍ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙසයි.
ඒම පාසලේ හත්වෙනිදා පැවැති ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විදුහලේ වැඩ බලන විදුහල්පතිය විසින් අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමෙන් එම දරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇත.
වැඩ බලන විදුහල්පතිවරයගේ එම ක්‍රියාකලාපයත් සමඟ පන්තිභාර ගුරුතුමිය ඊට විරුද්ධ වී තිබෙන අතර ඒ පිළිබඳ දරුවන්ගේ මවුපියන්ට මෙන්ම විද්‍යාලයේ මවුපියන් සහ දිඹුලාගල මහා සංඝරත්නයේ දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට වැඩ බලන විදුහල්පතිනියගෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ ගත්තද එය අසාර්ථක වී ඇත.
පසුව දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. මුස්ලමීන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ තමා ඒ සම්බන්ධ දැනුවත් වී ඇති බවත්, ඊට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්ය.