පාසල් සිසුවෙක්ව දෙවතාවක බරපතළ ලිංගික අපයෝජනය කළ නීතිය දන්න හිටපු පොලිස් කොස්තාපල් - අවසානයේ අත්වුණ ඉරණම..
අවස්ථා දෙකක දී වයස අවුරුදු නවයක පමණ බාල වයස්කාර පාසල් සිසුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.
එම සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා දෙකක් ඔහු ලබා සිටියේ ය.
එකී අධි චෝදනා දෙකටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර හතළිහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේ ය.
එක් අධි චෝදනාවකට වසර විස්ස බැගින් මෙම හතළිස් වසරක සිර දඬුවම නියම කෙරුණ අතර නියම කළ හතළිස් වසරක සිර දඬුවම වසර විස්සක් තුළ දී එකවර ගෙවී යා යුතු බවට ද නියෝග කළේ ය.
එමෙන්ම, පැමිණිලිකාර වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසට ද විත්තිකාර හිටපු පොලිස් කොස්තාපල්වරයාට තවදුරටත් නියම කරනු ලැබුවේ ය.
එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරුට තවත් දෙවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය ඊට ද අමතරව රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළේ ය.
එම දඩ මුදල ගෙවීම ද විත්තිකරු පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් දෙවසරක සිර දඬුවමකට යටත් කෙරුණ අතර විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බව නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය පැවසුවේ ය.
කෙසේ වෙතත්, එම සිසුවා පාසලේ හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරතුර විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ නව හැවිරිදී පාසල් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණය විය.
Sponsored By Sarrita Jewellery