ගුවන් යානයක් කඩා වැටෙයි - ගලවා ගැනීමේ කණ්ඩායම් එම බිහිසුණු අනතුර පිහිටි ස්ථානයට..
පෞද්ගලික Cessna ගුවන් යානයක් ලැට්වියාවේ වෙරළට ඔබ්බෙන් වූ බෝල්ටික් මුහුදට කඩා වැටී ඇති බව විදෙස් වාර්තා කරයි.
FlightRadar24 වෙබ් අඩවිය පවසන්නේ ඔස්ට්‍රියාවේ ලියාපදිංචි Cessna 551 ගුවන් යානය දකුණු ස්පාඤ්ඤයේ ජෙරෙස් සිට පියාසර කරමින් සිටි අතර එය නියමිත ගමනාන්තයක් නොමැතිව පිටත්ව ඇති බවය.
ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට කොලෝන් දක්වා පියාසර කරමින් තිබූ නමුත් පියාසර කිරීමේදී ගුවන් යානය එහි පියාසර මාර්ගය වෙනස් කර ඇති බව ලැට්වියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත අතර නිලධාරීන් පවසා තිබෙන්නේ යානයේ පුද්ගලයින් හතර දෙනෙකු සිටි බවට විශ්වාස කෙරෙන බවයි.
ලැට්වියාව, ස්වීඩනය සහ ලිතුවේනියාව යන රටවලින් ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය ලැට්වියානු නගරයක් වන වෙන්ට්ස්පිල්ස් අසල මුහුදට වැටී ඇති බවට වාර්තා වීමත් සමගම කඩා වැටුණු ප්‍රදේශයට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන අවසන් වූ පසු ගුවන් යානය කඩා වැටුණු බව ස්වීඩනයේ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නායක ලාර්ස් ඇන්ටන්සන් පසුව AFP වෙත ප්‍රකාශ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |