ඖෂධ ගැන තීරණයක්.

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jul 28, 2023 05:24 PM GMT
krishani

krishani

in ඖෂධ
Report

ඖෂධ වර්ග 160 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මගහරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ ය.

පිළිකා සදහා අවශ්‍ය වන ඖෂධ වර්ග 65 ක් මේ වන විට ඇනවුම් කර ඇති අතර මෙරටට ආනයනය කරන ඖෂධ වෙනුවෙන් සාමාන්‍යයෙන් මාස 06 ක කාලයක් ගතවන බැවින් හදිසි මිලදී ගැනීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වත්මන් ආර්ථීක රටාවට අනුව නිර්දේශිත ඖෂධ පමණක් ගෙන්වීමට සැලසුම් කර ඇත.