දඩයක්කරුවන් ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්.
මෙරට පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟ වී තිබෙනවා.
ඒ හේතුවෙන් ජලය සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දීමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සහය පතයි.
ඒ ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංශය වන 1992 අංකයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි.
එසේ ජලය සොයා එන වන සතුන් ජලය පානය කරන කුඩා ජලාශවලට විෂ දමා සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් විෂ ශරීරගත වීමෙන් මරණයට පත්වන සතුන්ගේ මස් අනුභව කිරීම මිනිස් සිරුරට අහිතකර බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර කතරගම - සෙල්ලකතරගම ප්‍රදේශයේ ද සතුන් දිය බීමට පැමිණෙන ස්ථානවලට පිරිසක් විසින් වස දමා සතුන් දඩයම් කළ පුවතක් වාර්තා විය.
ඒ ජලාශ හා දිය කඩිති, වැව් මැද හෑරුණු වළවල්වලට ය.
ඉන් පසුව මෙම වස මිශ්‍ර ජලය පානය කළ සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයට පැමිණෙන ජනතාවට සහ විවිධ ප්‍රදේශවලට අලෙවි කර තිබෙනවා.
එම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම්ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ.
මෙම සතුන්ගේ මස් මිනිස් ජිවිතවලට අවදානමක් පවතින බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනු ලබයි.
මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශ ද කතරගම ප්‍රදේශයේ අඩු වී තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ වතුර සොයා පැමිණෙන සතුන්ව පහසුවෙන් දඩයම් කරගෙන යාමට දඩයම්කරුවන්ට හැකි වී ඇත.