උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමට අදාලව තවත් අයෙක් අල්ලා ගනී..

Sri Lanka Police Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jan 27, 2024 01:43 AM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාවේ ශාලාධිපතිනිය අත්අඩංගුවට ගෙන අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

මහෙස්ත්‍රාත්වරයා විසින් එම ශාලාධිපතිනිය, ශාලා සේවක හා මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා පෙබරවාරි මස දෙවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සිදුවීමට සම්බන්ධ ශාලාධිපතිනිය පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරියක් ලෙස සේවය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන මෙහෙයවමින් සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමට අදාලව තවත් අයෙක් අල්ලා ගනී.. | A Person Was Arrested Leaking An A Lquestion Paper