නැන්දණිය මරා පලා ගිය පුතා හසු වේ..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Crime
                
                                                
                    Murder
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පැවසීය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක අලුත්වල ප්‍රදේශයේ පදිංචිකරුවකි. සැකකරු සහ ඝාතනය කළ කාන්තාව අවුරුදු කීපයක් එකම නිවසේ පදිංචිව සිට ඇති අතර ඉකුත් පොසොන් පෝදා එම කාන්තාව සිල් ගැනීමෙන් අනතුරුව නිවසට පැමිණ තිබේ.
එදින සවස් කාලය හෝ රාත්‍රී කාලයේ එම කාන්තාවට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පල කරයි.
එසේ ඝාතනය කර තිබුණේ අවුරුදු 76ක ගෝන පීනුවල අලුත් වල ප්‍රදේශයේ පදිංචි පදිංචිකාරිනියකි.
අත්අඩංගුවට ගත් සැකකරු මිය ගිය කාන්තාවගේ සහෝදරයාගේ පුතෙකු බව පොලිසිය පවසා ඇත.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    