ප්‍රධාන රෝහලක 13 හැවිරිදි දැරියක් ලඟ නිරුවත් පුද්ගයෙක්..නිරුවතින් වාට්ටුවෙ ඇවිදලා..
පෙරේදා (08) අලුයම නිරුවතින් පැමිණි පුද්ගලයෙකු නිසා මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවට තොරතුරු වර්තා වනවා.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ඇගේ නූල් පොටක්වත් නොමැතිව ළමා වාට්ටුවට ඇතුළු වූ එම පුද්ගලයා අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක නිදාගෙන සිටි ඇඳ මත වාඩි වී සිට ඇති බවයි.
එම දැරිය අලුයම අවදි වන විට තමා නිදා සිටි ඇඳ මත නිරුවතින් පුද්ගලයකු වාඩි වී සිටින අයුරු දැක බිය වී කෑ ගසා ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ කෑ ගැසීම නිසා නිරුවත් පුද්ගලයා වාට්ටුවෙන් පලා ගොස් ඇති අතර රෝහල මගින් මේ බව මිරිගම පොලිසියට දන්වා තිබේ.
පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර සිද්ධියට මුහුණ පෑ දැරියගෙන්ද ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇත.
කෙසේවෙතත් මෙම පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් හදුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.