පස් කඳු කඩා වැටීමෙන් පුද්ගලයෙක් මරුට සිව්දෙනෙකුට තුවාල
Sri Lanka
Accident
Landslide In Sri Lanka
By Sewvandhi
වේයන්ගොඩ හා ගම්පොළ, ඇත්ගාල යන ප්‍රදේශවලදී පස් කඳු කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ වේයන්ගොඩ, මාරපොල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක, පැරණි ළිඳක් ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ, වේයන්ගොඩ, මගලේගොඩ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලක් ආසන්නයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |