පා පුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!
Sri Lanka
Accident
By Sewvandhi
ඊයේ(17) උදෑසන කහවත්ත - පැල්මඩුල්ල, නෝනාගම ප්රධාන මාර්ගයේ ගොඩවෙල ප්රදේශයේ දී මඟී බස් රථයකින් මඟියෙකු පා පුවරුවෙන් මාර්ගයට ඇද වැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ, රත්නපුර දෙස සිට රක්වාන දෙසට ධාවනය වූ බස් රථයක ඉදිරි දොරටුවේ පා පුවරුවෙනුයි.
පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ මඟියා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.
මරණකරු පාතකඩ, පැල්මඩුල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක් වන අයෙකි.
සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද දින පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ජූනි මස 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.