අඩු බර පාන්වලට දඩ. - නියමිත බර ප්‍රමාණයක් ගැසට් කෙරේ. - බේකරි හිමියන්ගේත් චුරු චුරුව.

Sri lanka Food Recipes New Gazette Ministry of Home Affairs
By Wayomi Feb 03, 2024 08:17 AM GMT
Report

පාන් ගෙඩියක සහ පාන් භාගයක තිබිය යුතු බර ප්‍රමාණය සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

නමුත් වෙළඳපොලේ පවතින පාන් බොහොමයක බර නියමිත ප්‍රමාණයට නොමැත.

අදාල ගැසට් නිවේදනයට අනුව, පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් ලෙස දක්වා ඇති අතර ඉන් අඩු විය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05ක්.

මේ අතර පාන් භාගයක බර ග්‍රෑම් 225ක් විය යුතු අතර අඩු විය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බව ද එහි සඳහන්.

අඩු බර පාන්වලට දඩ. - නියමිත බර ප්‍රමාණයක් ගැසට් කෙරේ. - බේකරි හිමියන්ගේත් චුරු චුරුව. | A Penalty For Underweight Bread

මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ වන විට පාන් ගෙඩියක මිල රුපියල් 150කට අධික වන නමුත්, මෙරට සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් පාන් ආහාරයට ගැනීමට හුරුපුරුදු වී සිටින අතර ඉහළ ගිය බොහොමයක් භාණ්ඩවල මිල ගණන් පසුකාලීනව පහළ ගිය ද පාන් මිල පමණක් පහළ ගියේ සීමිත අගයකින්.

එවැනි පසුබිමක ඇතැම් වෙළෙඳුන් අඩු බරින් යුත් පාන් අළෙවි කරමින්ද ලාබ ඉපැයීමට කටයුතු කරන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල කියා සිටියේ පවතින පනතට අනුව පාන් ගෙඩියක නියමිත බර නොමැති වුවහොත් අය කළ හැක්කේ රුපියල් 10,000 දඩයක් පමණක් බවයි.

කෙසේ වෙතත් පාන් ගෙඩියක සහ පාන් භාගයක තිබිය යුතු බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද (03) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව කියා සිටියා.

එමෙන්ම බේකරි හිමියෙකු කියා සිටියේ, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් නිපදවීම සඳහා පිටි ග්‍රෑම් 500 ක් පමණ භාවිත කළ යුතු බවයි.  

                                                                      Sponsored By Sarrita Jewellery

අඩු බර පාන්වලට දඩ. - නියමිත බර ප්‍රමාණයක් ගැසට් කෙරේ. - බේකරි හිමියන්ගේත් චුරු චුරුව. | A Penalty For Underweight Bread