තනතුර ලැබී පැය 24ක් යන්නත් කලින් පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් ඉවතට.
Parliament of Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක එම උසස්වීම දී පැය 24ක් ගතවීමටත් පෙර ඉන් ඉවත් කර ති බවයි වාර්තා වන්නේ
ඒ, ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කිරීම හේතුවෙන්.
එලෙස බලපෑමට ලක් වූ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර ට දැනුම් දීමෙන් පසු අදාල නිලධාරිනිය එම තනතුරින් ඉවත් කර ඇත.
උසස් කෙරුණු පුද්ගලයා සම්බන්ධයෙන් පෙර කී නිලධාරිනිය නොසතුටට පත්ව සිට ඇති අතර පසුගිය සෙනසුරාද එම නිලධාරියාගේ නිවසට ගොස් මෙම නිලධාරිනිය " තවත් අය ඉද්දි ඔයා කොහොමද මේ තනතුරට එන්නේ" යනාදී පවසා දෝෂාරෝපණය කර ඇති බවයි වාර්තා වන්නේ.