පොලිසියට එරෙහිව පැමිණිලි කරන්න නව අංකයක් හඳුන්වා දෙයි.
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka
Ministry of Defense Sri Lanka
By Wayomi
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ, අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යන 118 අංකය වෙත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම් දෙන ලෙසයි.
මෙහිදී මහජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් තොරතුරක් විධියට සලකන බවත් ඉන් අනතුරුව පැමිණිල්ලක් සටහන් කර ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.