අධිවේගයේ ගමන් කරන රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..
Southern Province
Accident
Highways In Sri Lanka
By Aruna
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා ගොඩගම අතර රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර තිබෙන බව වාර්තා වනවා.
ඒ, ඊයේ (27) රාත්රියේ ලොරියක් මාර්ගය හරහා පෙරළීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ, ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ, මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ දෙපසට ම, වාහන ධාවනය කෙරෙමින් සිටින බවයි.
අදාළ ලොරි රථය ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි, හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කළේ.