වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ ගාස්තුවක් අඩු කරන්නැයි විශේෂ දැනුම්දීමක්..
කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබෙන බව වාර්තා වනවා.
එම වැසිකිළි ගාස්තු සංශෝධනය කර ඇත්තේ, එම වැසිකිලි භාවිත කිරිමේ දී අය කළ රුපියල් 20ක් ව පැවති ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට බලධාරින් පියවර ගෙන ඇති බවට ජනතාව චෝදනා කර ඇති පසුබිමකයි.
මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ, වැසිකිළි ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව ඉහළ නැංවු ගාස්තු පෙර පැවැති මිල ගණන් දක්වා යළි සංශෝධනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් එම වැසිකිළි නඩත්තු කරන පාර්ශව වෙත දැනුම් දීමක් සිදු කර ඇත.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිශන් සභාව සඳහන් කරන්නේ, ඊයේ පස්වරුවේ සිට පෙර පැවැති රුපියල් 20 ගාස්තු යටතේ ආදාළ අය කිරිම් සිදු කරන බවයි.