පොලී අනුපාතය අඩු වීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
By Aruna
මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලුම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී 70% ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී 5.9% දක්වා පහත වැටීමත් සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, 2023 වසරේ දී 30% ඉක්ම වූ පොලී අනුපාත 10% කට වඩා අඩු අගයකට ගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මේ අතර, 2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී ඇති බවත් පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.






