ඔයත් වීසා ගන්න ඉන්න කෙනෙක් ද?. බලන්නකෝ ළඟදිම මොකක්ද කරන්න යන්නේ කියලා..
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
ඒ පෙර පැවැති විසා ක්‍රමවේදයේ තිබූ සංකීර්ණභාවය සරල කරමින් ය.
ඉදිරි සති දෙකේ එය ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ විද්‍යුත් ගමන් බලපත්‍රය හඳුන්වා දී මේ රටේ ගමන් බලපත්‍රය ලෝකයම පිළිගන්නා ගමන් බලපත්‍රයක් බවට මේ වසරේ දී පත්කරන බවයි.
මෙම නව ක්‍රමවේදය ඔස්සේ විසා අලුත් කර ගැනීමට මෙරටට නොපැමිණ තමන් සිටින රටේ සිට ඔන්ලයින් මාර්ගයෙන් කර ගැනීමටත් හැකියාව ලැබේ.
එමෙන්ම මෙරටට පැමිණෙන ආයෝජකයන්ට වසර 10ක වීසා ලබාදීමටත්, නිත්‍ය වාස වීසාවක් ලබාදීමටත් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.
Sponsored By Sarrita Jewellery