රජයෙන් අලුත් බදු ක්‍රමයක් - එය අදාළ වන පිරිස ගැන මෙතනින්..
Sri Lanka
By krishani
වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් ලෙස සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වාදීමට තීරණය කර ඇත.
එම පනත ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.
2022 වසරේ අයවැය යෝජනා මගින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දීමට යෝජනා කළ අතර එම යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීණී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |