සිවුරු පොරවා - භික්ෂු වෙස් ගන්වා - පුහුණුවකුත් දීලා නටන්න හදන අලුත් නාඩගමක්. - බුද්ධි අංශ අනාවරණයක්.

CID - Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka
By Wayomi Sep 02, 2023 05:06 PM GMT
Report

තරුණයන්ට පුහුණුවක් ලබා දී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නා සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ගැන රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන් මහණ කරවා උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි වැනි සටන්වල පෙරමුණු පළිහක් ලෙස යොදා ගන්නා බවත්, මේ වන විට 500කට ආසන්න පිරිසක් එසේ පුහුණු කර භික්ෂුන් වහන්සේලා ලෙස යොදා ගෙන තිබෙන බවටත් ඔවුන් අනාවරණය කරගෙන ඇති බව ද ආරංචි මාර්ග පවසනවා.

බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්ෂයක් සිටින බවත්, මේ හරහා අදාළ ක්‍රියාකාරීන් සිය දේශපාලන මත ව්‍යාප්ත කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් සඳහන්.