තවත් බද්දක් - මේ ගැනත් ඔබ දැනුවත් ද?.

Sri Lanka IMF Sri Lanka Income Tax Department Latest Headlines Value Added Tax​ (VAT)
By krishani Jan 20, 2024 10:12 AM GMT
Report

2025 දී අලුතින් දේපල බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කළේ ය.

තවත් බද්දක් - මේ ගැනත් ඔබ දැනුවත් ද?. | A New Property Tax In 2025

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුවයි.

ඔහු සඳහන් කළේ මෙම බද්ද මගින් දේපළ හිමියන් මත බදු අයකර ගැනීමට රජයට හැකිවනු ඇති බවයි.

2022 දී 7% දක්වා පහත වැටී තිබූ බදු ආදායම 2023 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9% දක්වා වර්ධනය වී ඇති බවත් බදු ආදායම 2024 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% දක්වා සහ 2025දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14% දක්වා ද වැඩි කර ගැනීමට ඉලක්ක කර ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

තවත් බද්දක් - මේ ගැනත් ඔබ දැනුවත් ද?. | A New Property Tax In 2025

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පූර්ණ සහාය ලබා දෙන බවත් රජයේ බදු ආදායම පෙර තිබූ තත්ත්වයට වර්ධනය කර ගැනීම ඉතා වැදගත් බවත්  පීටර් බෲවර් මහතා පැවසීය.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුගතකරණ එකඟතාවන් සම්බන්ධයෙත් ඉතා ඉක්මනින් අවසන් ගිවිසුම්වලට එළඹීම ඉතා වැදගත් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

තවත් බද්දක් - මේ ගැනත් ඔබ දැනුවත් ද?. | A New Property Tax In 2025