දුම්රියේ ආරක්ෂාවට අලුතෙන්ම ක්‍රියාත්මක කළ දේ.
බහුකාර්ය සංවර්ධන සේවකයන් 183දෙනෙක් අවි පුහුණුවද සමගින් බඳවා ගැනීමට දුම්රිය ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ, දුම්රිය ආරක්ෂක සේවකයන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න කියා සිටියේ, දුම්රිය ආරක්ෂකයන් අලුතින් බඳවා නොගැනීමත්, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අංගණවල, දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය කර්මාන්තශාලාවල සොරකම් වැඩිවීමත් මත මෙම පියවර ගත් බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, බහුකාර්ය සංවර්ධන පත්වීම්වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයන් 2800 දෙනා අතුරින්, සම්මුඛ පරීක්ෂණ සිදුකර දුම්රිය ආරක්ෂක අංශයට බඳවාගත් බවත් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදී පුරප්පාඩු සහිත ස්ථානවලට රාජකාරී සඳහා යොදවා තිබෙන බවත්ය.
එමෙන්ම මෙම බහුකාර්ය පත්වීම්වලින් බඳවාගත් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් වසර තුනක පරිවාස කාලයකට යටත්ව පත්කර ඇති අතර දුම්රිය ආරක්ෂක අංශයේ අනුමත සේවක සංඛ්‍යාව 719 ක් වන අතර මේ වනවිට සිටින්නේ සේවකයන් 374 දෙනකු පමණි. ඒ අතරින් 70 දෙනකුම කාන්තාවන්.