රාජ්‍ය නිලධාරීන් අලුත් ඇඳුමකට මාරු වෙයි..අඩු ගානකට වාසි රැසක්.(PHOTOS)

Provincial Council Government Employee Government Of Sri Lanka
By Aruna Jan 21, 2024 04:51 AM GMT
Report

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා.

සාමාන්‍යයෙන් රජයේ නිලධාරිනියන් සේවා ස්ථානය සඳහා සාරිය භාවිත කරන අතර එහිදී සිදුවන අපහසුතාවයන් හේතුවෙන් මෙම නව නිල ඇඳුම හඳුන්වා දී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම එම නිලධාරීන් විශ්වාස කරන්නේ, පවතින ආර්ථික දුශ්කරතා හමුවේ මෙම නව ක්‍රමවේදය හරහා සහනයක් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඔවුන් සමාජ මාධ්‍ය වෙත සටහනක් ද තබා තිබුණා.

එලෙස සමාජ මාධ්‍යයේ පළවූ සටහන පහතින් දැක්වේ,

GalleryGalleryGallery