පාර්ලිමේන්තුවට නව අයවැය කාර්යාලයක් සහ කමිටු 3ක්.

Parliament of Sri Lanka
By Wayomi Sep 16, 2022 12:47 PM GMT
Report

අලුත් කමිටු තුනක් පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවීමට පියවර ගන්නා බව එහි මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ඒ අනුව මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නව අයවැය කාර්යාලයක් සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අලුත් කමිටු තුනක් එලෙස පිහිටුවීමට නියමිතයි.

ධම්මික දසනායක මහතා ඒ බව ප්‍රකාශ කළේ, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු වැඩසටහනකදීයි.

මෙම වැඩමුළුව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සමඟ එක්ව සංවිධාන කර තිබුණි.