නාර්සිස්ටික් පෞරුෂයක් තියෙන පිරිමියෙකුට ආදරේ කරනවා නම් ඔබත් පරිස්සමෙන්.
ඔබත් ආදරේ කරන පෙම්වතා ගැන ඔබ තේරුම් අරන් තියෙන්නේ කොහොමද? සමහර වෙලාවට අපි එයාව හොඳින් තේරුම් අරන් තියෙන්න පුළුවන්. නැත්නම් අපි රැවටිලා. මොකද නාර්සිස්ටික් පෞරුෂයක් තියෙන සමහර පිරිමි ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට පණ ඇරලා ආදරේ කලොත් හෝ විවාහ වුණොත් ඔබේ ජිවිතයම අපායක් වෙන්න පුළුවන්.
? නාර්සිස්ටික් පෞරුෂයක් කියන්නේ, ඔවුන් තුළ පවතින ප්‍රධනම ලක්ෂණ දෙක වන්නේ ආත්මාර්ථකාමී භාවය සහ අන් අයගේ අවධානය අසීමිතව බලාපොරොත්තු වීමයි. හරියට හිට්ලර් වගේ චරිතයක්.
? නාර්සිස්ටික් පෞරුෂයක් ඇති කෙනෙක් කවදාවත් ආදරය කරන්නේ නැහැ. ඔහුට ඒ හැමදේම සෙල්ලමක් විතරයි. නාර්සිස්ටික් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් ඇසුරු කරන්නේ/ විවාහ කර ගන්නේ ආදරය කිරීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. සහකරුවාගේ ගෞරවය දිනා ගැනීම සහ සහකරුගේ මුවින් පැසසුම් ලබා ගැනීම ඔහුගේ ප්‍රධාන බලාපොරොත්තුවයි. ඒ නිසා ඔබ සහකරුවෙක් හොයාගන්න කලින් ඔහුටත් මේ ලක්ෂණ තියෙනවද කියලා බලන්න.
නාර්සිස්ටික් පෞරුෂයක් ඇති පිරිමියෙකුගේ ලක්ෂණ
? ඔබට ඔහුව අවශ්‍ය වෙලාවට ඔහු ළඟ නැහැ. ඔහු ඔබ ළඟට එන්නේ ඔහුට අවශ්‍ය වෙලාවට විතරයි. අනිත් හැම වෙලාවටම ඔහු busy.
? නිදහසට කරුණු ඕනෑ තරම් ඔහුට තියෙනවා. ඔබට අවශ්‍ය වෙලාවට ඔහු ඔබව නොසලකා හරිද්දී, ඔහු කියන ඕනෑම වෙලාවක ඔබ ඔහු වෙත යන්නට සුදානමින් ඉඳීම ඔහුට මහා ජයග්‍රහණයක්.
? ඔබ අපේක්ෂා නොකරනඅවස්ථා වලදී ඔහු ඔබට පණ දෙන්න ඒවි. ඔබ නොසිතූ, නොපැතූ උපකාර කරාවි. කාටත් වඩා ඔබව තේරුම් ගත් පුද්ගලයා ඔහු බව ඔබට හැඟෙන තුරු ලඟම රැඳේවී. ඊට පස්සේ ඉතින් කොච්චර msg, call කළත් ඒවාට ප්‍රතිචාර නොදක්වයි. මාස ගානකට පස්සේ ඔබව අමතාවී.
? කවදාවත් ඉෂ්ඨ කල නොහැකි බව දැන දැනම ඔහු ඔබට පොරොන්දු දෙයි.
?- හිතා ගන්නට බැරි තරම් ඔවුන් බොරු කියාවි.අනිත් කෙනා තුල තදබල විශ්වාසයක් ඇති වෙන විදිහට දක්ෂව බොරු කියන්න මේ අය හරිම සුක්ෂම හැකියාවක් තියෙනවා.
? හරියටම කියනවා නම්, බැරිවෙලාවත් ඔබට ඔහුගේ පැරණි පෙම්වතිය හෝ වෙනත් අනියම් සම්බන්ධයක් හසුවුණොත් ඒ ක්ෂණයකින් අලුත්ම කතාවක් ගොතන්න ඔහුට හැකියාව තියෙනවා. ඔබ නැවත ඒ කතාවට රැවටේවී.
? ඔහුගේ මුල්ම අරමුණ අරමුණ ඔබව වශී කර ගැනීමයි. ඒ නිසා ඔහු ඔබ ඉදිරියේ මවා පෙන්වන්නේ පරිපුර්ණ චරිතයක්. මේ ලොව සිටින ගුණවත්ම, ආදරණියම චරිතය ඔහු බව විශ්වාස කරන්නට ඔබ පොළඹවනවා.
? ඔබ දෙදෙනා අතර ඇති සබඳතාවය ගැන, එය වෙනස් විය යුතු ආකාරය ගැන අදහස් දක්වන්න ඔහු ඔබට ඉඩ දෙන්නේ නැහැ.
? ඔබට ඔබේ අදහස් කියන්නට, ඔහුගෙන් ආදරය සහ රැකවරණය ඉල්ලන්නට ඔහු අවසර දෙන්නේ නැහැ.කොටින්ම කියනවා නම් ඔබේ සිත කෙතරම් රිදුනත් ඒවා ඔබ දරා ගත යුතු වෙනවා.
? ගැහැණියකට ලිංගිකත්වයට වඩා අවශ්‍ය වන්නේ ආදරයයි. නමුත් ඔහු ඔබට ආදරය ලබා නොදුන්නත් ඔබ සමඟ ලිංගික සබඳතා පවත්වනවා. ඔහුට ඕන එය පමණයි.
? ඔබේ හැඟීම්, ඔබ දෙදෙනා අතර ඇති ලිංගික ජීවිතය ගැන ඔබ දක්වනා අදහස් පවසන්නට ඔහු ඔබට ඉඩ දෙන්නේ නැහැ.
? තමාගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් ඔබව සඟවා තියා ගන්නවා. ඔහු ඔබව විවාහ කර ගැනීමට තීරණය කළොත් පමණක් ඔහු ඔබව අන් අයට හඳුන්වලා දේවි.
? ඔහු සතුටු වෙන්නේ ඔබ ඔහුගේ පස්සෙන් ඔහුව සොයාගෙන යන විට. අනුකම්පාව, ආදරය යන හැඟීම් ඔහු තුල නොමැති නිසා ඔහුට දුකක් ඇති වෙන්නෙත් නැහැ.
? ඔබව වශී කර ගත් පසු ඔහු වෙනස් වෙනවා. ඔබ හැර නොයන බව ස්ථිර කර ගත් පසුව ඔහු ඔබට සුළු දෙයටත් බැන වදින්න පටන් ගන්නවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |