එනසල් කඩන්න කැලයට ගිය පස් දරු මවට සිදු වූ දේ

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 05, 2022 11:36 AM GMT
Report

කොලොන්න සූරියකන්ද හිමිදිරි පෙදෙසින් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) දින සිට අතුරුදහන් වී ඇතැයි සූරියකන්ද පොලිසිය කියයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද ජීජී කොටසේ පදිං 45 හැවිරිදි කාන්තාවකි. තම සැමියා සහ පුත්‍රයා සමග වනාන්තරයට ඇතුල්වී එනසල් කඩමින් වනාන්තරයේ ඇවිදිමින් සිටින අතරතුර මව මගහැරී ඇති බවට එදින රාත්‍රියේ පොලීසියට කළ පැමිනිලේ සදහන් බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ලෙන් පසුව පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශවාසින් සහායෙන් එම කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදු කළ ද ඇය සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.

පසුව පොලිසිය කුරුවිට යුද හමුදා කඳවුරෙන් කළ ඉල්ලීමෙන් අනතුරුව විස්සකින් සමන්විත යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් පොලිසිය සමග එක්වී මව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now