විදුලි රැහැන වැටේ සවි කිරීම නිසා එක්දරු මවට දිවි අහිමිවෙයි..(VIDEO)

Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Aug 05, 2023 09:37 AM GMT
Report

නිවසකට ඇද තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ, 25 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්වී ඇත.

 එනම් මෙලෙස මියගිය කාන්තාවගේ නිවසට ඇද තිබූ මෙම විදුලි රැහැන, කණුවද සමග පෙරළී ගොස් තිබූ අතර එය ඉවත් කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීම් කළද ඔවුන් එය නිවසේම තිබූ කම්බි වැටක අමුණා ගොස් තිබේ.

මෙම කාන්තාව රෙදි වේලීම සඳහා තෙත රෙදි කම්බි වැටට දමන අතරතුර මෙලෙස විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.