විහාරාධිපති හිමිනම ඝාතනයේ සැකකාර ගෝල හිමිනමක් අත්අඩංගුවට ..!

Bandaranaike International Airport Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 15, 2022 06:14 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සීදුව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අභිරහස් අපවත්වීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරයේ වැඩ වාසය කළ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ හිමිනම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එම විහාරස්ථානය අවට දුර්ඝන්ධයක් ඇති බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී විහාරාධිපති පූජ්‍ය නැදගමුවේ මහානාම හිමියන්ගේ දේහය සොයාගැනීමට සමත්විය.

අපවත් වන විට උන්වහන්සේ 55 හැවිරිදි වියේ පසුව තිබේ. ඒ වනවිටත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති එම විහාරයේ වැඩ වාසය කළ අනෙක් හිමිනම අතුරුදන්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now