විහාරාධිපති හිමිනමක් ඝාතනය කරයි - තවත් හිමිනමක් අතුරුදන්..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
සීදුව ප්‍රදේශයේ විහාරයක තිබී අභිරහස් ලෙස මියගිය හිමිනමකගේ දේහයක් පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස අපවත් වී ඇත්තේ වෑත්තෑව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැඩගමුවේ මහානාම හිමියන් බවට අනාවරණය වී තිබේ.
අපවත් වන විට උන්වහන්සේ 55 හැවිරිදි වියේ පසුව තිබේ. මෙය ගෙළ සිරකර සිදුකරන ලද ඝාතනයක් බවට පොලීසිය සැකපළ කරයි. එසේම අදාළ විහාරස්ථානයේ තවත් හිමිනමක් වැඩ වාසය කර ඇති අතර මේ වනවිට එම හිමියන් විහාරස්‌ථානයෙන් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
විහාරස්ථානය තුළින් දුර්ගන්ධයක් පවතින බවට කළ දැනුම්දීමකට අනුව පොලීසිය විසින් අදාළ සෝදිසිය සිදුකර ඇත. විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |