කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි..(PHOTOS)

Bandaranaike International Airport Sri Lanka Dubai
By Sewvandhi Sep 25, 2022 02:02 PM GMT
Report

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චිවරධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් හරහා මෙරටට පැමිණි ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වු එම චීවරධාරියාගේ ගමන්මලු තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගත් බව ගුවන්තොටුපොළ රේගුව පැවසීය.

සැකකාර චීවරධාරියා විසින් ජංගම දුරකථන, ලැප්ටොල් පරිගණක, රන් බිස්කට් සහ රන් කැබලි ඇතුළු රුපියල් ලක්ෂ 225ක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ එලෙස මෙරටට රැගෙනවිත් තිබුණි. එම චීවරධාරියා 23 හැවිරිදි තිස්සමහරාම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවට තොරතුරු ලැබී ඇත.

නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර සැකකාර හිමිනම දඩ යොමුකිරීමෙන් අනතුරුව මුදාහැරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

  

GalleryGallery