සීනි මිල ගණන් ගැන සඳහන් කරමින් එකවරම විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි. (PHOTO)
Sri Lanka Food Crisis
Economy of Sri Lanka
By krishani
පසුගිය 03 වෙනිදා පාරිභෝගික අධිකාරිය විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
එම ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා.
ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය.
පසුගිය 03 වෙනි දා සුදු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එමෙන්ම, දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කෙරිණ.
කෙසේ වෙතත්, නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර ඇත.