රුපියල් 162,000කට වෙන්දේසී වුන අරුම පුදුම අඹ ගෙඩිය.. (VIDEO)

Sri Lanka
By krishani Aug 27, 2023 01:12 PM GMT
Report

ඊයේ (26) සවස වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී ඇත.

කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් එම වෙන්දේසිය පවත්වා තිබෙනවා.

එම අඹ ගෙඩිය මිල දී ගෙන තිබෙන්නේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් ය.

මෙම වෙන්දේසිය කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් පවත්වා ඇත.

කෙසේ වෙතත්, උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබයි.

විඩියෝ දර්ශන - Hiru News YouTube Channel