ජනපති නිවස ආසන්නයේ දී පුද්ගලයෙකු අවසන් ගමන් යයි..(PHOTOS)

By Sewvandhi Apr 03, 2022 10:44 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ආසන්නයේදි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්න්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා එම අවස්ථාව වන විට මත්පැන් පානය කර සිට ඇතැයි ද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

(ඡායාරූප අයිතිය -Citizen news agecy)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery