ලීසින් එකෙන් වාහනේ අරන් යද්දි හිමිකරු මිය යයි..මෙරටින් ඇසෙන හද කම්පාකරන පුවත

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Jun 19, 2022 02:47 PM GMT
Report

වත්තේගම පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයකු ලොරි රථයක ලීසින් වාරික නිසි පරිදි නොගෙවූ බව පවසමින් ආදාළ ලීසින් සමාගමේ නියෝජතියන් බව කියන පිරිසක් එම ලොරි රථය අත්පත් කර ගෙන යාමේදී එහි හිමියකරු වන 35 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු පවසති.

මෙම වාහනය අළුයම පන ගන්වන බව ඇසී නිවසේ නිදා සිට ඇති මෙම තරුණයා මාර්ගයට පැමිණ පරීක්ෂා කිරීමේදී යම් පිරිසක තම වාහනය රැගෙන යන බව දැක ඔහු එම වාහයට ගොඩ වී තිබේ.

මිටර් 300 -350 ක් පමණ දුරක් වාහනයේ ගොස් ඇති ඔහු ප්‍රධාන මාර්ගයේ වැටී මිය ගොස් සිටියදී ඥාතීන් සොයා ගනු ලැබ තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ පොගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නැමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now