තවත් බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Sri Lanka Police Shooting Sri Lanka Crime
By Sewvandhi Sep 14, 2022 04:21 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

පොලීසිය පවසන්නේ ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය. මේ අතර අදාළ වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ තුවක්කුවකින් සිදුකරන්නට ඇති බවටද පොලීසිය සැකපළකරයි.

කැලණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now