නිරුවත් පිරිමි මළ සිරුරක් හමුවෙයි
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
කඩුවෙල පොලීසිය විසින් කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ, මළ සිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක සිතිය හැකි බවයි.
පොලීසිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, මළ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ සැක කළ හැකි සලකුණු ද දක්නට ඇති බවයි.
මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කඩුවෙල පොලීසිය මඟින් මෙහෙයවනු ඇත.