බස්රථ වලදී කාන්තාවන්ගේ කොණ්ඩ හොරෙන් කපන අමුතු පුද්ගලයා..බෑග් එකෙන් කාන්තාවන් රැසකගේ කොන්ඩ එලියට..(VIDEO)

police bus hair Bandarawela heel oya Uwa paranagama
By Sewvandhi Jan 19, 2022 12:06 PM GMT
Report

බස් රථයක් තුළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියක් වාර්තා විය. ඒ බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයෙනි.

පසුව ඒ පිළිබඳව එක් සිසුවියක් සිය පියාට දැනුම්දීමෙන් පසු සැකකරු අල්ලාගැනීමට හැකිවී තිබුණි. සැකකරු ඌව පරණගම ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු එලෙස සිසුවියන් සහ කාන්තාවන් රැසකගේ කොණ්ඩා කපා ඇති බවය.

ඔහුගේ ගමන් මල්ලක තිබී එලෙස කපන ලද කොණ්ඩා සොයාගැනුණි. සැකකරු විවාහකයෙකු වන අතර පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ආශාවට එලෙස කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now