විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි - විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 12, 2022 08:27 AM GMT
Report

ගෑස් ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක යෙදෙමින් පවතින බැවින් මොරටුව - රාවතාවත්ත ප්‍රදේශයෙන් මේ වනවිට කොළඹ දෙසට ගාලු පාර සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

මාර්ගය අවහිර වීම නිසා කොළඹ දෙසට ගමන් ගන්නා රියදුරන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join