නිවසකින් මතුවූ අතිසුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු සොයා දැවැන්ත මෙහෙයුම්..

Sri Lanka Sri Lanka Police Investigation Mattala International Airport
By Sewvandhi Sep 18, 2022 09:16 AM GMT
Report

තීරුබදු නොගෙවා වංචා සහගත ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථයක් මත්තල ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී පොලිස් භාරයට ගනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ මොන්ටේරෝ වර්ගයේ අතිසුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 3කට ආසන්න බවයි.

මෙම මෝටර් රථය සඟවා තිබූ නිවසේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ කතරගම යාමට පැමිණි සිය ඥාතියෙකු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම මෝටර් රථය තම නිවසේ නවතා ගිය බවයි. කෙසේ වෙතත් නිවෙස් හිමියාට තමන් ප්‍රකාශ කළ තොරතුරු සනාථ කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තාවන්නේ.

පසුව තවදුරටත් පරීක්ෂණ මෙහෙයවීමේදී අනාවරණ වී ඇත්තේ මෙම ජීප් රථය තීරුබදු වංචා කර මෙරටට ගෙන්වා ඇති බවයි. මෝටර් රථයට අදාළ ලිපිගොනු සකස් කරන තෙක් එය මෙම නිවසේ සඟවා තබා ඇති බවට ද හෙළි වී තිබෙනවා. අධිසුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු සොයා පරීක්ෂණ පවත්වන බවයි මත්තල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now