මන්ත්‍රී නිවසට හදිසියේම කඩා වැදුණු ලොරි රථය - සිද්ධියට මිනිත්තු කිහිපයකට පෙර මන්ත්‍රීවරයා සිදුකළ දේ...

Ratnapura Sri Lanka Politician Accident Latest Headlines
By Sewvandhi Mar 12, 2024 08:02 AM GMT
Report

ඊයේ (11) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ලොරි රථයක් කඩා වැදීම නිසා මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රි 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැත.

අනතුර සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙරයි, ඔහු සිය රාජකාරී කටයුතු සඳහා නිවසෙන් පිටව ඇත්තේ.

මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පරීක්ෂණ සිදු කරනු ඇත.