මේ ඔබ දකින්නේ 500 වසකට පෙර බිලි පූජාවකට පුද කළ දැරියකි.(PHOTOS)
By Wayomi
ඔබ මේ දකින්නේ මීට වසර 500කට පෙර ඉන්කාවරුන් විසින් බිලි පූජාවකට පුද කළ දැරියක්.
⏳ මැය සොයාගනු ලැබුවේ 1999 දී චිලී දේශසීමාව ආසන්නයේ සිට සැතපුම් 300ක් බටහිර දෙසින් පිහිටි ලුල්ලයිලාකෝ ගිනි කන්දේ අඩි 22,000 ක කඳු මුදුනෙන්.
⏳ කදු මුදුනේ සීතලම ප්‍රදේශයකින් හමු වූ මේ සිරුර තවමත් දිරා නොමැත. මෙය හදවතේ සහ පෙනහළුවල තවමත් රුධිරය ඇති සංරක්‍ෂිත මමී අතර හොඳම මමිය මෙය වෙනවා.
⏳ පර්යේෂකයන් මෙය සොයාගැනීමේ සිට වසර අටක් තුළ, ලොස් නිනෝස් හෝ "ළමයින්" ලෙසින් හැඳින්වෙන මමීගේ ඡායාරූප, X-ray, CT ස්කෑන් සහ DNA සඳහා බයොප්සි කර තිබෙනවා.
⏳ ඒවා සමඟ වළ දමා ඇති රෙදි, පිඟන් භාණ්ඩ සහ රූප ඉතා සූක්ෂම ලෙස දියකර සංරක්ෂණය කර ඇති අතර මළ සිරුරු අධිශීතකරණවල තබා සංරක්ෂණය කර ඇත.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |


