රජයෙන් පිරිසකට සහනයක් ලබා දෙන්න යයි - එකවරම ගත් තීරණය..
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ මෙරට පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණයක් ලබා දීමට කටයුතු කරන බවයි.
මෙම ණය මුදල් සමෘද්ධි බැංකුව හරහා ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
මෙහි පළමු පියවර නියමු වැඩසටහනක් යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව සන්ධානයේ වෘත්තීය සමිති සභාපති සහ පෙර පාසල් සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් සහ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (12) පස්වරුවේ සමාජ සේවා අමාත්‍යංශයේ පැවති සාකච්චාවක දී ය.