එන්නත් විදීමෙන් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි.!

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Oct 15, 2023 11:18 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

වයස අවුරුදු දෙකහමාරක ඇල්පිටිය ප්‍රදේශයෙන් පදිංචි දැරියක්, එන්නතක් විදීමෙන් පසු අත් පා සෙලවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඇයට වයස මාස 9දී පමණ ලබා දුන් සරම්ප එන්නතින් පසුව මෙලෙස අත් පා සෙලවීමට නොහැකි වූ බවයි, ඇගේ දෙමාපියන් පවසන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට දැන්වූ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙම එන්නත ලබාදුන් පසු දරුවන් ලක්ෂ 4කින් එක් දරුවෙකුට මෙවැනි ආබාධ මතුවීමේ සම්භාවිතාවක් පවතින බවයි.