යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට එනවා - ගැටුනොත් පරමාණු බෝම්බ 7500ක් එකවර පිපිරීමට සමානයි..

By Sewvandhi Jan 18, 2022 08:46 AM GMT
Report

පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත.

කිලෝ මීටරයක විශ්කම්බයක් ඇති මෙම ග්‍රහකය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බර්ජ් කලීෆා ට වඩා උසය.

බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස මීටර් 830 කි. මෙම ග්‍රහකය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලටත් වඩා තුන් ගුණයකින් විශාලය.

තාරකා විද්‍යාඥයන් 7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය, සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21 ට 7482 (1994 පී.සී.) ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%