ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි..

Sri Lanka
By krishani Oct 18, 2022 06:20 AM GMT
Report

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,ඉංගිරිය,පාලින්දනුවර ,බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,කළුතර ,ගාල්ල ,නුවරඑළිය,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අද (18) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join