උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..
ආන්දෝලනයට තුඩුදුන් උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය අද (01) දින සිසුන් වෙත ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.
විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබීය.
ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ එක සහ දෙක කොටස් යළි ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ අතර, 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර ලබන 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මෙලෙස කල්යෑමට හේතුවූයේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමයි.
2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනිදා ආරම්භ කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණා.
නැවත එම විෂය පැවැත්වීමට තීරණය කෙරුණේ, උසස් පෙළ කෘෂි විද්‍යාව එක සහ දෙක ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙනි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වනදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වීමට නියමිතයි.